( කලවාන උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම )
කලවාන ප්‍රදේශයේ නිරෝධායන නීති හා සංචරණ නිතී කඩ කල පුද්ගලයන් පහළොවක් අද (03) වනදා අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය .
කලවාන නගරයේ හා අවට ප්‍රදේශල නිකරුණේ මාවත් වල සැරිසැරු පුද්ගලයන් පහළොවක් හා රථ වාහන මෙලෙස අත්අඩංගුවට ගත් බව කලවාන පොලිසිය පැවසීය .
එසේම කලවාන වේවැල්කදුර ප්‍රදේශයේ වෙළදසැල් දෙකක් නිරෝධායන හා සංචරණ නිතී කඩ කරමින් වෙළඳ කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් එම වෙළෙඳ සැල් වල හිමිකරුවන් හා සේවකයන් අත්අඩංගුවට ගත් බවද කලවාන පොලිසිය පැවසීය .
සංචරණ සීමා පවතින සමයේ අත්‍යවශ්‍ය සේවා වල පිරිස් හැර සෙසු ජනතාව නිරෝධායන නීති වලට අනුගතව නිවෙස් වල රැදී සිටින ලෙසද කලවාන පොලිසිය ඉල්ලා සිටි.