නිරෝධායන නීති කැඩූ 20 ක් අත්අඩංගුවට


(ෂේන් සෙනෙවිරත්න )

නිරෝධායන නීති කඩ වන ආකාරයට හැසිරෙන්නන් සොයා  අද  (12) මහනුවර නගරය කේන්ද්‍ර කර කරමින්  සිදු කළ විශේෂ මෙහෙයුමකදී  මුව ආවරණ නොපැළඳ සිටි පුද්ගලයන් 20 දෙනෙකු  අත්අඩංගුවට ගෙන තවත් 50 කට ආසන්න පිරිසකට දැඩිලෙස අවවාද කිරීමට පොලීසිය කටයුතු  කළේය.

මධ්‍යම වෙළඳපොළ සහ මහනුවර නගරය පුරා පැවති එම සෝදිසි මෙහෙයුම සිදු කෙරිණි.

මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිය සී . කේ  . රත්නායක මහතාගේ උපදෙස් පරිදි මහනුවර මූලස්ථාන භාර ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත හලංගොඩ මහතාගේ මෙහෙයවීමෙන් දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් සමරනායක මහතා විසින් මෙහෙයවන ලද විශේෂ පොලිස් කණ්ඩායමක් මෙහෙයුම සිදු කළහ .