(දයාරත්න ඇඹෝගම)
හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ නිල රථය මල්වතු ඔය ආසන්නයේ දී ත්‍රීරෝද රථයක ගැටීමෙන් අනතුරට ලක්වී ඇති බව අනුරාධපුර පොලිසිය කියයි.
අජිත් රෝහණ මහතා ගමන්ගත් මෝටර් රථය මල්වතු ඔය ආසන්නයේ දී නවතා තිබියදී ඔහුගේ රිය පසුපසින් නවතා තිබු ත්‍රි රෝද රථය පසු පසින් පැමිණි මෝටර් රථයක ගැටීම නිසා වාහන තුනම අනතුරට පත්වී තිබේ.
මෙම අනතුරින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට අනතුරක් සිදුවී නොමැති බව පොලිසිය පවසයි.