නියගයෙන් යාපනයේ පවුල් 17,185 ක් පීඩාවට


(රොමේෂ් මධුෂංඛ)

                   

යාපනය දිස්ත්‍රික්කයට පවතින නියං තත්වය හේතුවෙන් පවුල් 17,185 කට අයත් පුද්ගලයින් 57,771 දෙනෙකු මේ දිනවල පීඩාවට පත්ව ඇති බවට යාපනය ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

මේ අනුව යාපනයේ කරවෙඩ්ඩි පවුල් 232ක්, ඩෙල්ෆ් 1031ක්, කරෙයිනගර් 2760ක්, කයිට්ස් 3175ක්, වේලනෙයි 2411ක්, චාවකච්චේරි 3361, චන්කානෙයි 3047 ක් හා මරදන්කේණිහි පවුල් 1168 වශයෙන් එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි ජීවත් වන පවුල් මෙසේ පීඩාවට පත්ව ඇති බවට ආපදා කළමනාකරණ ඒකකය පැවසීය.

පීඩාවන්ට පත් වූ පවුල් වෙනුවෙන් යාපනය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය, ආපදා කළමනාකරණ කාර්යාලය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන් හරහා සහන සැලසීමට පියවර ගෙන ඇත.