නිධානයක් ගැනීමට ගිය 4ක් පොලිස් දැලේ


(සරත් නිශ්ශංක)

පුලස්තිගම කිරිමැටිය වැව අසල නිධානයක් ගැනීමට තැත්කළ සැකකරුවන් සිව් දෙනෙකු පුලස්තිගම පොලිසිය විසින් අද (17) අත්අඩංගුවට ගත් බව පුලස්තිගම පොලිසිය කියයි.

පොලිසිය අත්අඩංගුවටගත් සැකකරුවන් පුලස්තිගම , මහමායාපුර  ත්‍රිකුණාමලය , මුදුන්ගම සහ සිරිපුර යන ප්‍රදේශවල පදිංචි කරුවෝ වෙති.

නිධන් කොල්ලකරුවන් නිධානය ගොඩගැනීම සඳහා උපයෝගි කරගත් උපකරණද පොලිස් අත්අඩංගුවට ගෙනතිබේ.සැකකරුවන් පොලොන්නරුව දිසා අධිකරණයට ඉදිරිපත්කිරීමෙන් පසු මේ මස 28 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.