නිධන් හැරූ දෙදෙනෙක් බඩුත් සමග අල්ලයි


 

(හේමලතා ඩී හේවගේ)

ගිරිඋල්ල පොලිස් වසමට අයත් වෑත්තෑව දංගොල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි මුල්‍ය සමාගමකට අයත් අක්කර හතහමාරක පමණ පොල් ඉඩමක පිහිටි ගල් තලාවක නිධන් හාරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු එම උපයෝගි කරගත් උපකරණ සමග අද (19) රාත්‍රී 7.30 ට පමණ අත්අඩංගුවට ගත් බව ගිරිඋල්ල පොලීසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් නාරම්මල, මැටියගනේ සහ අම්බලන්ගොඩ යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 29 හා 32 හැවිරිදි අයවලුන් බවත් මොවුන් මෙම ඉඩමේ වගාකරන මුවාවෙන් මෙසේ නිදන් හාරා ඇති බවද පොලීසිය පවසයි.

සැකකරුවන් විසින් එම භූමියේ පිහිටි ගල් තලාවේ මීටර් 25 ක් ගැඹුරු වලක් හාරා තිබූ බවත් එහි තිබී සුදු, රතු, නිල් රෙදි ඇතුඵ මල් බුලත්තටුවට අවශ්‍ය මල්, පහන්, සූවඳ දුම් හා නිදන් හෑරීමට යොදාගත් උදඵ, නාරස්සන, ඇමෝනියා, වෙඩි බෙහෙත්, වයර්, ඩෙටනේටර් 06 ක් සොයා ගැනීමට හැකි වූ බවත් පොලීසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 02 සමග නඩු භාණ්ඩ හෙට (20) කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ගිරිඋල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ.ඒ.පී. සමරකෝන් මහතාගේ මෙහෙයවීමෙන්, අපරාධ විමර්ෂණ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තෙන්නකෝන්, පොලිස් පරීක්ෂක චිත්‍රසෝම, උප පොලිස් පරීක්ෂක ලයනල්, පොලිස් කොස්තාපල් (78749) නාමල් යන නිළධාරීහූ කණ්ඩායමක් මෙම වැටලීම සිදුකළහ.