( නිමල් ජයරත්න සහ කරුණාරත්න ගමගේ )
පොළොන්නරුව වැලිකන්ද කරපොළ විල්ලුවේ ඉපැරණි ස්ථානයක නිධන් සෙවීමට ගිය චීවරධාරියකු,සිවිල් ආරක්ෂක බළකායේ නියාමකවරයෙකු ඇතුළු හය දෙනකු උපකරණ සමඟ අද (26) වැලිකන්ද පොලීසිය අත්අංගුවට ගෙන තිබේ.
සැකකරුවෝ මහවැව , සෙවනපිටිය යන ගම්මානයන්හි පදිංචිකරුවෝ වෙති. සැකකරුවන් පොළොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

