(ප්‍රියාණි මංගලිකා)
කොරෝනා වාට්ටු දෙකක ඉඩකඩ මදි වීම හේතුවෙන් ,නිකවැරටිය මූලික රෝහලේ කඩිනමින් සැකසෙන නව වාට්ටුවේ ඉදිකිරීම් සඳහා කොටවෙහෙර ,සුධීරගම ශ්‍රී ජිනරතන සදහම් සෙවන විහාරාධිපති මහමිතව පඤ්ඤරතන හිමියන් විසින් අවශ්‍ය ගඩොල් තොගයක් පරිත්‍යාග කළේය .
මේ වන විට නිකවැරටිය මූලික රෝහල් කොරෝනා වාට්ටු දෙකම රෝගීන් ගෙන් පිරී පවතින අතර , දිනෙන් දින කොරෝනා වසංගතයට ලක්වන රෝගීන්ගේ ජීවිත සුරකින්නට නව වාට්ටුවක් සැකසීම මේ වන විට කඩිනමින් සිදු කරමින් පවතින අතර එයට සහය දක්වමින් මහමිතව පඤ්ඤරතන හිමියන් මෙම පරිත්‍යාගය සිදු කෙරිණි .
මහමිතව පඤ්ඤරතන හිමියන් මීට ප්‍රථමද නිකවැරටිය මූලික රෝහල් කොරෝනා ඒකකය වෙනුවෙන් පරිත්‍යාග රැසක්ද සිදුකර ඇති අතර ,උන් වහන්සේලා ප්‍රකාශ කලේ දිවා රෑ ජීවිත අවධානම සමග මහා මෙහෙවරක යෙදෙන සුව විරුවන් හා කොරෝනා ඒකකයේ රත්තරන් සුව විරුවන් ගෙන යන සටන ශක්තිත් කිරීම සඳහාත් සුවහසක් ජීවිත වලට හුස්මක් එක් කිරීම සඳහාත් මෙම පරිත්‍යාග ගයන් සිදු කරණ බවයි.