නිකවැරටියේ ආසාදිතයා කුරුණෑගල සිට ආ බස් රථයේ ගිය මගීන් ගැන සොයයි


(ප්‍රියානි මංගලිකා )

නිකවැරටියේ ආසාදිත නාවික සෙබලා ඉකුත් 22දා කුරුණෑගල සිට නිකවැරටියට NW MB 0609 දරණ අංක දරණ  මගී ප්‍රවාහන බස් රථයෙන් පැමිණ ඇති බව අනාවරණය වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
                   
මෙම බස් රථය මෙදින කුරුණෑගලින් උදෑසන 8.45 ට ගමන් අරඹා 9.45ට නිකවැරටියට පැමිණ ඇති බවද ,මෙහි ගමන් ගත් මගීන් වහා නිකවැරටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය දැනුවත් කරන ලෙස එම සෞඛ්‍ය නිලධාරීන් මගීන්ට දන්වා සිටී .
                 
ඉතා අවදානම් තත්වයක පවතින නිකවැරටිය නගරය කොරෝනා වෛරසයෙන් මුදා ගැනිමට  සහය දක්වන ලෙසද  නිලධාරීන් ජනතාවට දන්වා සිටී.