(අමදෝරු අමරජීව)
නැගෙනහිර පලාතේ ව්‍යාපාර ලියාපදිංචි කිරිමේදි නිසි ක්‍රම වේදයක් ඇතිකිරිමේ අරමුණෙන් “ව්‍යාපාර නාම ලියාපදිංචි කිරිමේ ප්‍රඥප්තියක් “සකස්කර ඇතැයි පලාත් ප්‍රධාන ලේකම් ඩි.එම්.සරත් අභයගුණවර්ධන මහතා පැවසීය.
නව කෙටුම්පත සහිත ප්‍රඥප්තිය සභා සම්මත කරගැනිම පලාත් සභාව පිහිටුවිමෙන් පසුව කරන බවද ලේකම් වරයා කීය.නව ප්‍රඥප්තිය තුළින් ව්‍යාපාර නාම ලියාපදිංචිය නිසි ක්‍රම වේදයකින් සිදුකිරිම, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ශක්තියක් විම, බැංකු ණය ලබාගැනිමට අවශ්‍ය ලේඛන සකස්කර දිම, මෙම ප්‍රඥප්තිය තුළින් පහසු කරවන බවද ලේකම්වරයා කීය.
දැනට මෙවැනි ප්‍රඥප්තියක් සෙසු පලාත් සභාවල ක්‍රියාත්මක වන බවද ප්‍රධාන ලේකම් වරයා තව දුරටත් පෙන්වා දුන්නේය.