( අමදෝරු අමරජීව)
නැගෙනහිර පලාතේ ධාවනය වන කුලී වෑන් රථ නියාමනය කිරිම සිය අධිකාරිය යටතට පවරා ගත් බව පලාත් මාර්ගස්ථ මගි ප්‍රවාහන අධිකාරිය කියයි.
2017 සැප්තැම්බර් 29 වැනි දිනැති 2038 / 72 දරණ අති විශේෂ ගැසට් නිවේදෙනයෙන් ප්‍රකාශිත 2017 අංක 01 දරණ කුලි වෑන් රථ මගි ප්‍රවාහන සේවා රෙගුලාසි අනුව කටයුතු කරන බව එම අධිකාරියේ අධ්‍යක්ෂ (ධාවන හාසැලසුම්) සි.එම්.නන්දසේන මහතා පැවසිය.
කුලි වෑන් රථ නියාමන කටයුතු අම්පාර අරුගම්බේ ප්‍රදේශයෙන් ආරම්භ කරන අතර එහි ආරම්භයක් වශයෙන් මෙම වෑන්රථ මගි ප්‍රවාහන අධිකාරියේ ලියාපදිංචි කර බලපත්‍රයක් ලබාදිම සිදුකරේ.
ඒ අනුව මේ තුලින් කූලී වෑන් රථ කරුවන්ට වෘත්තිය භාවය ආරක්ෂා කරගැනිමේ අයිතියක් ඇතිවන අතර වෘත්තිය ගරුත්වය ආරක්ෂා කිරීම සිදුවන බව අධ්‍යක්ෂවරයා කීය.
මීට අමතරව කූලි වෑන්රථ රියදුරන්ට නිසි පුහුණුවක් ලබාදිමට සිදුකෙරේ. මෙම නියාමනයේදි අනවශ්‍ය අයුරින් හිතූ හිතූ ආකාරයට කුලි වෑන් රථ ධාවනය කිරිම වැලකෙන අතර එහි ගමන් ගන්නා මගින්ගේ ආරක්ෂාව තහවුරු වන බවද අධ්‍යක්ෂවරයා තවදුරටත් කීය.