ඩබ්ලිව්.ඒ. අසේල
වැලිසර නාවික හමුදා කදවුරේ සේවය කර මහනුවර නැහිනිවෙල ප්‍රදේශයට පැමිණි නාවික හමුදා සෙබලෙකු හට කොවිඩ් 19 ආසාදිත වී ඇති බවට තහවුරු වීමත් සමග ඔහු සමග ලගින්ම ඇසුරු කළ 11 දෙනෙකු නිරෝධානය සඳහා අද (29) වව්නියාව පම්පෙමඩු ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානය වෙතට රැගෙන ගොස් ඇත.
ඔහු සමග ඇසුරු කල පවුල් පහලොවක පුද්ගලයින් 56 දෙනෙකු මේ වන විට හඳුනාගෙන ඇති අතර ඉතිරි 45 දෙනා තම නිවාස තුලම නිරෝධනයට ලක්කිරීමට පාත හේවාහැට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරින් හා තලාතුඔය පොලීසිය කටයුතු යොදා ඇත.
ඔහුගේ බිරිද හා වයස අවුරුදු දෙකක් වන පිරිමි දරුවාද පරීක්ෂණ කටයුතු සඳහා මහනුවර මහ රෝහලට අද දින ඇතුලත් කර ඇත.
ඔහු ඇසුරු කල තවත් පුද්ගලයින් සොයා පරීක්ෂණ කටයුතු දිගටම ක්‍රියාත්මක කර ඇති අතර නැහිනිවෙල ප්‍රදේශයට වාහන හා පිටස්තර පුද්ගලයින් ඇතුල් වීමද සීමා කර තිබේ.
ප්‍රදේශයේ පොලිස් ආරක්ෂාවද තර කර ඇත.
නැහිනිවෙල ආසාදිතයා ඇසුරු කළ 11 ක් පම්පෙමඩු යවති
Recommended Articles