නැගෙනහිර ජනතාවගේ ප්‍රශ්න දුරකතන-ඊමේල් ඔස්සේ කියන්න


(මහේෂ් කිර්තිරත්න)

පළාතේ ජනතාවගේ ගැටළු දුරකතන මාර්ගයෙන් සහ ඊමේල් මාර්ගයෙන් ලබාගෙන ඒවාට කඩිනම් විසදුම් දීමේ ක්‍රියාමාර්ගයක් ගැනීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය අද (19) තීරණය කළාය.

කොවිඩ් - 19 වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම සදහා විශේෂ සෞඛ්‍ය උපදෙස් මත දිවයිනේ බොහෝ රාජ්‍ය ආයතන මහජන කටයුතු සීමා කර ඇති බැවින් ආණ්ඩුකාරවරිය මෙම තීරණය ගෙන තිබේ. මෙම වෛරසය නිසා ජනතාවගේ ප්‍රශ්න නිරාකරණය කිරීම තවදුරටත් කල්දැමීම සාධාරණ නොවන බැවින් ආණ්ඩුකාරවරිය මෙම ක්‍රියාමාර්ගය ගැනීමට තීරණය කර ඇත.

දුරකතන සහ ඊමේල් පණිවිඩ වලට අමතරව තැපැල් මගින් ද ජනතාවට සිය ඉල්ලීම් සහ ගැටළු ඉදිරිපත් කිරීමේ අවස්ථාවන් සලසා දී තිබේ.

කොවිඩ්-19 වෛරසය ව්‍යාප්ත වීම මෙන්ම විවිධ ඒජන්තවරුන් හරහා ජනතාව මුලා විමේ අවස්ථාද මෙමගින් නතරවනු ඇත.

ඒ අනුව ආණ්ඩුකාර කාර්යාලය, ඕස්හිල්, ත්‍රිකුණාමලය යන ලිපිනයටද, 026-2222102 යන දුරකතන අංකය හරහා ද, [email protected] යන ඊමේල් ලිපිනය හරහා ද ජනතාවට ගැටළු ඉදිරිපත් කළ හැක.