(රංජිත් රාජපක්ෂ)
හැටන් සිට ගම්පොල දක්වා අධික වේගයෙන් ධාවනය වූ ලොරි රථයක් සහ නාවලපිටිය සිට කටුනායක දක්වා ධාවනය වූ වැන් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් අනතුරක් සිදු වී ඇති බව නාවලපිටිය පොලිසිය පැවැසීය.
අද (27) මෙම අනතුර සිදුව ඇත්තේ නාවලපිටිය ගිනිගත්හේන ප්‍රධාන මාර්ගයේ නාවලපිටිය බලංතොට ප්‍රදේශයේදීය.
අධික වේගයෙන් ධාවනය වී ඇති ලොරි රථය ඉදිරියෙන් ධාවනය වූ බස් රථයක් අපරික්ෂාකාරී ලෙස ඉස්සර කර යාමට උත්සහ කිරීමේදී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වෙමින් තිබූ වෑන් රථයේ ගැටී මෙම අනතුර සිදු වී ඇති බව නාවලපිටිය පොලිසිය කියයි.
අනතුර සිදු වන අවස්ථාවේ වෑන් රථය තුළ සිව්දෙනෙකු ගමන් කර ඇති බවත් වෑන් රථයේ ගමන් ගත් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති බවත් නාවලපිටිය පොලිසිය පවසයි.