(රංජිත් රාජපක්ෂ)
වැලිසර නාවික හමුදා කදවුරේ සේවය කර නාවලපිටිය ප්‍රදේශයේ නිවාඩුව සදහා නිවසට පැමිණ සිටි නාවික හමුදා සෙබළුන් දෙදෙනාට කොවිඩ් 19 අසාදයන වි ඇති බවට තහවුරු විමෙන් පසු එම නාවික හමුදා සෙබළුන් පදිංචිව සිටි නාවලපිටිය දෙකිද අලුත්ගම ප්‍රදේශයේ පවුල් 5 කට අයත් සමාජිකයන් 22 දෙනෙකු සහ නාවලපිටිය ගොන්දෙන්නාව ප්‍රදේශයේ පවුල් 3 කට අයත් සමාජිකයන් 12 දෙනෙකු මිහින්තලේ නාවික හමුදා නිරෝධාන මධ්‍යස්ථානයට සහ වව්නියාව පම්පේමඩුව නිරෝධාන මධ්‍යස්ථාන කරා අද (28) යොමු කළේය.
නාවලපිටිය සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලයේ නිලධාරින් , මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් විසින් එම පවුල් වල සමාජිකයින්ව යුද හමුදාව සහ නාවික හමුදාව වෙත භාර දෙනු ලැබුහ.
කොවිඩ් 19 වෛසරය ආසාධනය වු නාවලපිටිය ගොන්දෙන්නාව ප්‍රදේශයේ පදිංචි දැනට වැලිසර නාවික හමුදා කදවුරේ නිරෝධාන මධ්‍යස්ථානයේ ප්‍රතිකර ලබන නාවික හමුදා සෙබලා නාවලපිටිය ප්‍රදේශයේ වෙලදසැල් තුනකට අවස්තා කිහිපයකදි පැමිණ ඇති බවට ලද බුද්ධි තොරතුරු මත එම වෙලදසැල් තුනද තාවකාලිකව වසා දමා විෂබිජහරණයට ලක් කිරිමට මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් විසින් පියවර ගෙන ඇත..
එම ගම්මාන දෙකේම පවුල් 13 කට අයත් සමාජිකයන් 40 දෙනෙකු (28) දින සිට දින 14 ක් ස්වයං නිරෝධානයට යොමු කර එම ගම්මාන දෙකම විෂබිජහරණයට ලක් කිරිමට මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් පියවර ගෙන ඇත.
පවුල් 8 කට අයත් සමාජිකයන් 34 දෙනෙකු පැය 6 පමණ කාලයක් බස් රථ වලම රැදි සිටිම සිදු විය.
නාවලපිටියේ පුද්ගලයින් 34 ක් නිරෝධායනයට
Recommended Articles