නාවලපිටිය-මහනුවර ප්‍රධාන මාර්ගයට ගසක් කඩා වැටෙයි


(රංජිත් රාජපක්ෂ    )                   

නාවලපිටිය මහනුවර ප්‍රධාන මාර්ගයේ නාවලපිටිය වරකාව හල්හින්න ප්‍රදේශයේදි ප්‍රධාන මාර්ගයට අද (01) විශාල රුස්ස මාර ගසක් කඩා වැටිමෙන් එම මාර්ගයේ ගමනා ගමනය ඇන හිට ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය.
 
 මාර්ගයට ගස කඩා වැටිමෙන් මාර්ගය අභිසය තිබු විදුලි රැහන් පද්ධතියට සහ දුරකථන රැහන් පද්ධතියට දැඩි අලාභ හානි සිදු වි ඇත.
 
 ගස කඩා වැටිම හේතුවෙන් මාර්ගය හරහා ගමන් ගන්නා අත්‍යවශ්‍යය සේවා රථ අපහසුතාවයට පත් වි ඇත.
 
 මාර්ගය ගමනා ගමනය සදහා යථා තත්තවයට පත් කරන තෙක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස නාවලපිටිය පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.