නාය යාමකින් උඩුනුවර ප්‍රදේශයේ පවුල් 11ක් අවතැන්


(චමිල් රූපසිංහ)

නාය යාමට ලක් වූ මහනුවර උඩුනුවර කඹුරාදෙණිය වසමේ උලත්කොන්ඩ ගම්මානයේ පවුල් 11 ක අවතැන් වු පිරිසක් හන්දෙස්ස මහා විද්‍යාලයේ ගොඩනැගිල්ලකට තාවකාලිකව රැගෙන ආ බව දවුලගල පොලිසිය පැවසිය.

මේ පිරිස අතර කාන්තාවන් 13 දෙනෙකුද පිරිමි පුද්ගලයින් 6 දෙනෙකුද දරුවන් 9 දෙනෙකුද සිටින බව පොලිසිය සඳහන් කළේය.

අවතැන් වු පිරිස් සදහා සියලුම පහසුකම් ආරක්ෂක අංශ සෞඛ්‍ය අංශ හා දවුලගල පොලිසිය මැදිහත් වි ලබා දිමට කටයුතු කර ඇති  තිබේ.