(මොහොමඩ් ආසික්)
කටුගස්තොට පොලිස් බල ප්‍රදේශයට අයත් අඹතැන්න කුඩුගල ප්‍රදේශයේ නාන තොටක් අසළ ඇති ළිඳක වැටී මිය ගිය පුද්ගලයකුගේ මෘත ශරීරයක් අද (29) සොයා ගත් බව කටුගස්තොට පොලිසිය පවසයි.
කුඩුගල නාන තටාකයට පිටුපසින් ආරක්ෂිත ස්ථානයක පිහිටි මෙම ළිඳට වැටී මොහු මිය ගොස් ඇති අතර මොහු කවුද යන්න තවමත් හඳුනාගෙන නැත.
කළු පැහැති ඉරි සහිත කමිසයක් සහ ඉරි සහිත සුදු සරමක් හැඳ සිටින මොහුගේ වයස අවුරුදු 50-60 ත් අතර විය හැකි බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටුගස්තොට පොලිසිය මෙහෙයවයි.

