(සුරංග රාජනායක)
ගම්පොල ඉල්ල වතුර ප්‍රදේශයේ මහවැලි ගඟේ තිබී නාඳුනන කාන්තා මළ සිරුරක් සොයා ගත් බව ගම්පොල පොලිසිය පවසයි.
නාන තොටුපල ක තිබී හමු වූ මෙම කාන්තා මළ සිරුර අසල කාන්තා අත් බෑගයක් කුඩයක් හා තවත් උපකරණ කිහිපයක් හමුවී ඇත.
මනා ලෙස ඇඳුම් හැඳ සිටි මෙම කාන්තාව අවුරුදු 50 ක 55 ක පමණ පසු වන්නික් විය හැකි බව ගම්පල පොලිසිය සඳහන් කරයි.
ඇගේ ගමන් බෑගයේ තිබී රුපියල් 15,000ක පමණ මුදලක් හා විවිධ වර්ගයේ ඖෂධ කීපයක් ද හමුවී ඇත.
ඇය මෙම ප්‍රදේශයේ පදිංචි කාරියක් නොවන අතර මෙම ස්ථානයට පැමිණි ගම්පොල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්සිරි ප්‍රනාන්දු මහතා පවසා සිටියේ අවට පොලිස් ස්ථානවලට පණිවුඩ යවා ඇය පිළිබඳව සොයා බලන බවයි.