නාන කාමරයේ වැටී මියගිය කතගේ සිරුර යළි ගොඩගනී


වසන්ත චන්ද්‍රපාල
 
අක්කරපත්තුව පොලිස් බල ප්‍රදේශයේ පාලමුනේ ප්‍රදේශයේ නිවසක කාන්තාවක් නානා කාමරයේ වැටි මියගිය බව පවසා භූමිදානය කර ඇති අතර මියගිය කාන්තාවගේ පුත්‍රයා විසින් කල්මුනේ පොලිසියට කළ පැමිණිල්ලක් අනුව එම මවගේ මෘත දේහය අද (21) ගොඩගනු ලැබීය.

පසුගිය 17 වැනි දා නිවසේ පිරිස නිවසින් පිටව ගොස් සිටි අතර මියගිය කාන්තාව පමණක් නිවසේ සිටි අතර ඔවුන්ගේ නිවසට පැමිණි ඥාති පුත්‍රයෙක් නිවස ඇතුළට ගොස් අල්මාරියේ තිබු රන්බඩු සොරාගෙන ආපසු එළියට එන විට නිවසේ සිටි කාන්තව මෙම පුද්ගලයා දැක තිබේ.

පසුව ඔහු කරන ලද පහරදීමකදී නිවසේ සිටි කාන්තාව බිම වැටී තුවාල ලබා ඇත. පසුව ඇය නාන කාමරය තුළය දමා සැකකරු පලාගොස් තිබේ.

සවස නිවසින් පිටව ගොස් පැමිණ තම මව සෙවීමේදී ඇය තුවාල සහිතව නාන කාමරයේ වැටී සිට දැක තිබේ. පසුව අක්කරපත්තුව රෝහලට ඇතුළත් කර ඇති අතර ඇය ඒ වෙන විට මියගොස් ඇති බව රෝහලෙන් දැනුම් දි තිබේ.

පසුව මියගිය කාන්තාවගේ අවසන් කටයුතු සිදුකර තිබේ. මවගේ කරේ තිබුණු මාලය නොතිබුණූ නිසා පවුලේ අය ඇගේ රත්තරං බඩු සෙවිමේදී ඒවා අල්මාරියේ නොතිබු නිසා   මියගිය කාන්තවගේ  පුතා පැමිණ මේ පිළිබඳව අක්කරපත්තුව පොලීසියට පැමිණිලි කිරිමට උත්සහ කළත් අක්කරපත්තුව පොලිසියේ නිළධාරීන් එය බාර නොගැනීම නිසා පසුව  මේ පිළිබඳව කල්මුනේ පොලිස් අධිකාරී ප්‍රියදර්ශන හේරත් මහතාට පැමිණිලි කිරිමෙන් පසුව මේ පිළිබඳව පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබේ.

ඒ අනුව අක්කරපත්තුව මහේස්ත්‍රාත් පීටර් පෝල් මහතා ඉදිරියේදී අද මියගිය කාන්තාවගේ දේහය ගොඩ ගැනීම සිදුකරනු ලැබීය. අම්පාර මහා රෝහලේ අධිකරණ වෛද්‍යය විශේෂඥ රැචිර නදීර ,අධිකරණ වෛද්‍ය දුල්සිත් අප්පුහාමි මහත්වරුන්ගේ අධික්ෂණය යටතේ අම්පාර පොලිසියේ අපරාධ පරීක්ෂණ නිලධාරින් විසින් දේහය ගොඩගනු ලැබීය.

පසුව එම දේහය අම්පාර මහා රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කරනු ලැබීය. මේ පිළීබඳව පශ්චාත් මරණ පරීක්ෂණය ඉදිරි දිනකදී  පැවැත්විමට  නියමිතය.