(පාලිත ආරියවංශ)
පස්සර සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ලෙස ගබඩා කරතිබූ රුපියල් 9,870 ක් ඇතුලත් මුද්‍රාතැබූ ලියුම් කවර 16 ක් සොරකම් කළැයි සැකපිට අධිකරණයේ කාර්යාල කාර්ය සහයකයෙකු අද (19) අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය පවසයි.
බදුල්ල මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය මත බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය මේ පිළිබඳව බදුල්ල පොලිසිය පැමිණිලි කර තිබිණ.
විභාගවෙමින් පවතින නඩුවලට අදාළ නඩු භාණ්ඩ ලෙස තිබූ මුදල් එම සේවකයා සොරකම් කර ඇතැයිද, තවත් මෙවැනිම සොරකම් සිදුකර ඇද්දැයි විමර්ශනය කරන බවද පොලිසිය පවසයි.
බදුල්ල පොලිස් අධිකාරි වසන්ත කන්දෙවත්ත මහතාගේ උපදෙස් මත කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.
සැකකරු අද (19) බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

