ධීවර යාත්‍රාවල සිදුවන හානිවලට ගෙවීම් කිරීමට රක්ෂණ ක්‍රමයක්


(තිළිණි ද සිල්වා)
 
ධීවර යාත්‍රාවලට සිදුවන අර්ධ සහ පූර්ණ හානිවලට ගෙවීම් කිරීම සඳහා රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දෙන බව ධීවර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
 
ඒ සම්බන්ධයෙන් රක්ෂණ සමාගම් කිහිපයක් සමඟ මේ වන විට සාකච්ඡා ආරම්භ කර ඇතැයි  ධීවර අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසන්න ජනක කුමාර මහතා පැවසීය.
 
දැනට පවතින රක්ෂණ ක්‍රමයෙන් යාත්‍රාවකට සිදුවන අර්ධ හානි සඳහා ගෙවීමක් සිදුනොකරන බව අධ්‍යක්ෂ ජනරාල්වරයා කීය.
 
එහෙත් ධීවර යාත්‍රාවක් අනතුරකට හෝ කාර්මික දෝෂයකට ලක්ව අර්ධ හානි වූ විට එය ගොඩබිමට රැගෙන ඒම සඳහා විශාල මුදලක් වැය වන අතර එම තත්ත්වය සැළකිල්ලට ගෙන අදාළ රක්ෂණ ක්‍රමය හඳුන්වා දෙන බව ධීවර අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.