ධාරාණිපාත වර්ෂාවෙන් බද්දේගම නිවාස රැසකට හානි


ඩී.ජි.සුගතපාල සහ සුසිල් ප්‍රියන්ත

අද (19) සවස ඇද හැලුණ ධාරාණිපාත වර්ෂාවත් සමග හමාගිය තද සුළඟකින් බද්දේගම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වසම් පහක නිවාස රැසකට හානි සිදුව ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ලුතිනන් කර්නල් ඉන්දුක වික්‍රමසිංහ මහතා පැවසිය.

හල්පාතොට,ගණේගම,සන්දරවල,වේවැල්දෙණිය,තලාව යන ග්‍රාම සේවා වසම්වල නිවාස වලට මෙසේ හානි සිදුව ඇත.

ලුතිනන් කර්නල් ඉන්දුක වික්‍රමසිංහ මහතා පැවසුවේ නිවාස රැසකම වහලවල් වල සෙවිලි තහඩු සහ උළු ගසාගෙන යාමෙන් වැඩි පුරම හානි සිදුව ඇති බවය.

පිඩාවට පත්ව සිටින ජනතාවට සහන සැළසිම සඳහා මේ වනවිට අවශ්‍ය කටයුතු කරමින් සිටින බවද ඒ මහතා පැවසිය.