දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට සහන දීමට කමිටු කාර්යාලයක්


රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවයේ පරිපාලන වශයෙන් දේශපාලන පළිගැනීම්වලට ලක්වූ සේවකයින්ට සහන සලකා බැලීමේ කමිටු කාර්යාලය විවෘත කිරීම අද (30) පස්වරුවේ කොළඹ -2 පාර්ක්ලන්ඩ් ගොඩනැගිල්ලේ දී පිහිටි එම මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.

කමිටු සභාපති සහ වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කාර්යාලය විවෘත කිරිම සිදු කෙරිණි.

එම අවස්ථාවට කමිටුවේ ලේකම් චතුරිකා විජේසිංහ මහත්මිය ද එක්ව සිටියාය‍.

ඡායාරූප - ගයාන් අමරසේකර