(පද්මා කුමාරී කංකානම්ගේ )
දේශ සීමා නීති උල්ලංඝනය කරමින් මන්නාරම ශිලා වතුර මුහුදේ ධීවර කටයුතුවල නියැළී සිටි ඉන්දීය ධීවර යාත්‍රාවක් අද (21) කල්පිටිය නාවික හමුදා කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමේන්තුවේ පුත්තලම කාර්‍යාලයට බාර දී තිබේ.
මෙම යාත්‍රාව සමඟ මෙරට මුහුදින් අල්ලන ලද මසුන් කිලෝ 300 ක්, ධීවර දැල් ආම්පන්න , ජී.එස්.පී උපකරණ සහ පුද්ගලයින් 8ක් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම ධීවරයින් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පදිංචිකරුවන් බවත් මොවුන් පුරුද්දක් ලෙස මෙරට මුහුදු දේශ සීමා උල්ලංඝණයේ යෙදෙන බවත් පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂ සරත් චන්ද්‍රනායක මහත පැවැසීය.
කල්පිටිය බත්තංගුන්ඩුව දූපතේ සිටින ධීවරයින්ගේ දැල් ආම්පන්න වලට ඉන්දිය ධීවරයින් විසින් හානි කරමින් දේශ සීමා උල්ලංඝණය කරන බවට ධීවර දෙපාර්තුමේන්තුවට පැමිණිල්ලක්ද ලැබී තිබුණ බව ඒ මහතා කීය.
මෙම ධීවරයින් පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.