දෙව්පුර ආදර්ශ ගම්මානය අගමැති ප්‍රධානත්වයෙන් විවෘත කරයි


(අංජුල මහීක වීරරත්න)

එක්සත් ජාතික පෙරමුණු ජාතික රජයේ තුන්වන සංවත්සරය සමරමින් සියඹලාණ්ඩුව, කොටියාගල දෙව්පුදගම ආදර්ශ ගම්මානය අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේ‍්‍රමදාස මහතාගේ සහභාගීත්වයෙන් අද (17) විවෘත කෙරිණි. 

නීතිය හා සාමය, රාජ්‍ය පරිපාළන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර, ඉඩම් හා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක, තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, සමාජ සුබසාධන  ප‍්‍රථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ, නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි යන මහත්වරුද ඌව පළාත් සභා මැති ඇමතිවරු ඇතුළු අති විශාල ජනකායක් දෙව්පුදගම ගම්මානය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වූහ.

නිවාස හා ඉදිකිරිම් අමාත්‍යාංශයේ 107 වැනි ආදර්ශ ගම්මානය ලෙස රුපියල් ලක්ෂ 932 ක වියදමකින් නිවාස 52ක් මෙම ආදර්ශ ගම්මානයේ ඉදිකර තිබේ.

ඡායාරූප - ශාන්ත රත්නායක