පවතින ඇදිරිනීති හේතුවෙන් අපහසුතාවයටපත් දෙමටගොඩ ප‍්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයන්හී ජීවත්වන ජනතාවට නිවෙස්වලටම ගොස් සහනදායී මිලට වියලි සලාක මලූ බෙදා හැරීම අද දිනයේදීද සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මගින් සිදු කළේය.
සිවිල් ආරක්ෂක බළකායේ අධ්‍යක්‍ෂ ජනරාල් රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතාගේ අධීක්‍ෂණය යටතේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මැදිහත්වීමෙන් මෙම වැඩසටහන සිදු කෙරිණි.
මෙම වියලි ආහාර තොග ලංකා සතොස ආයතනයෙන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙත ලබාදීමෙන් අනතුරුව සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු භට පිරිස් වෙතින් ඇසුරුම් කර බෙදා හැරීමට කටයුතු කරනු ලබයි.
දැනට දිවයින පූරා ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වයිරසය තත්වය මැඩ පැවැත්වීම සදහා රජය විසින් පනවා ඇති නීති රිති අනුව ජනතාවට සහන සැළසීමට මෙම වැඩසටහන් සිදු කරනු ලබයි.