(එස්. ඩි.කොඩිකාර)
විදේශ රටක නිෂ්පාදිත නීතිවිරෝධී දුම්වැටි 1400 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අද (21) අකුරැස්ස - දෙනියාය ප්‍රධාන මාර්ගයේ ගල්දොල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්බව කොස්මෝදර පොලිසිය කියයි.
දුම්වැටි තොගය ප්‍රවාහනය කළ වෑන් රථයද අත්අඩංගුවට ගත් බව පොලිසිය කීය.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා කිරින්ද පුහුල්වැල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35 ත් 37 අතර වයස්වල පසුවන පුද්ගලයින් දෙදෙනෙකු බව පොලිසිය කියයි.
මෙම සිගරට් තොගයෙහි වටිනාකම රුපියල් 112000 පමණ වන බවත් එක් සිගරට්ටුවක් රුපියල් 80.00 බැගින් අලෙවි කර ඇති බවත් පොලිසියේ උසස් නිලධාරියෙකු පැවසීය.
සෙල්ලම් බඩු අලෙවි කරන මුවාවෙන් මාස කිහිපයක් තිස්සේ මෙම ජාවාරම සිදු කරන බවට කොස්මෝදර පොලිසියේ විශේෂ කාර්යාංශයට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබුණි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙට (22) මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් කොස්මෝදර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.