(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)
මුහුදු බඩ දුම්රිය මාර්ගයේ අම්බලන්ගොඩ ඌරවත්ත මහ පාලම අසලදි අද (27 ) උදේ 9.50ට පමණ ගාල්ලේ සිට මරදාන බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක ගැටී කාන්තාවක් මරුමුවට පත්වී ඇතැයි අම්බලන්ගොඩ පොලීසිය කියයි.
මෙසේ මරුමුවට පත්වී ඇත්තේ බලපිටිය බ්‍රාහ්මණවත්ත පොළ පාරේ පදිංචි විසිහත් හැවිරිදි ලක්මාලි ජයලත් නමැති එක්දරු මවක් බවද පොලීසිය කියයි.
මිය ගිය කාන්තාවගේ මරණ පරීක්ෂනය අද (27 ) පස්වරුවේදි අම්බලන්ගොඩ මරණ පරීක්ෂිකා කේ. වගාආරච්චි මහත්මිය විසින් බලපිටිය මූලික රෝහලේදි පැවැත්වීමට නියමිතය.
අම්බලන්ගොඩ පොලීසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.