(ඩී.ජී.සුගතපාල)
ගංජා මිශ්‍ර දුම්කුඩු පැකට් නිෂ්පදනය කරමින් සිටි පුද්ගලයෙකු අද (03) ගාල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මහමෝදර පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙකි.
පොලිසියට ලැබුණ තොතුරක් අනුව එම නිවස වටලා පරීක්ෂා කිරීමේදී සැකකරු ගංජා මිශ්‍ර දුම්කුඩු පැකට් කරමින් සිටි ඇති අතර එම අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී සකස් කරන ලද දුම් කුඩු පැකට් 37 ක් අත්අඩංගුවට ගෙන ඇත.
පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ සැකකරු විශේෂයෙන් පාසල් සිසුන් සහ උපකාරක පංති සිසුන් ඉලක්ක කරගෙන මෙම දුම්කුඩු පැකට් නිෂ්පාදනය කර වෙළඳ සැල් වලට බෙදා හරින බවය.

