දිස්ත්‍රික් 3 කට නව ලේකම්වරු


(ජයන්ත සමරකෝන්)

කොළඹ , වව්නියාව සහ කෑගල්ල දිස්ත්‍රික්ක සඳහා වන දිස්ත්‍රික් ලේකම්වරුන් තිදෙනෙකු පත්කර ඇත.

ඒ අනුව කොළඹට ප්‍රදීප් යසරත්න , වව්නියාවට සමන් බන්දුලසේන , කෑගල්ලට මහින්ද සනත් වීරසුරිය යන මහත්වරුන් පත්ව සිටි.

මෙතෙක් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ලෙස කටයුතු කළ චන්ද්‍රසිරි බණ්ඩාර මහතා පුත්තලම දිස්ත්‍රික් ලේකම් ලෙසත් , මුලතිව් දිස්ත්‍රික් ලේකම් ආර්. කේතිස්වරන් මහත්මිය කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් ලෙසත් ස්ථාන මාරුවීම් ලබා ඇත.