(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
දිවුලපිටිය නගරයේ රාජ්‍ය බැංකු ශාඛාවක් පසුගිය සදුදා විවෘත ව පැවති කාල සීමාවේදී එහි ආරක්ෂක නිලධාරියාගේ සහාය ලබා ගත් ගනුදෙනුකරුවන් සම්බන්ධයෙන් සොයා බැලීමට පියවර ගෙන ඇතැයි දිවුලපිටිය සෞඛ්‍ය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි.
බැංකු ආරක්ෂක නිලධාරියා කොරෝනා ආසාදිතයෙකු බව ඊයේ( 27 ) හෙළි වීමෙන් පසු මේ පියවර ගනු ලැබී ය.
මෙම ආරක්ෂක නිලධාරියා 26 වැනි සදුදා රාජකාරියට ගොස් ඇතැයි ද එදින ඇඳිරි නීතිය මධ්‍යයේ බැංකුව විවෘත කළ පසු පැමිණි ජනතාවට අවශ්‍ය ආධාර උපකාර පවා කරන්නට ඉදිරිපත් වී ඇතැයි ද හෙළි වී ඇති බව බුද්ධි අංශ හෙළි කරගෙන ඇත.
ආරක්ෂක නිලධාරියා ආසාදිතයකු බව හෙළිවීමෙන් පසු බැංකුවේ කළමනාකරු ඇතුළු කාර්ය මණ්ඩලය නිරෝධායනයට ලක් කිරීමට වහා පියවර ගනු ලැබීය.
සදුදා දිනයේ බැංකුවට පැමිණ ගනුදෙනුකරුවන් අතරින් ආරක්ෂක නිලධාරියාගේ සහාය ලබා ගත් පිරිස හඳුනාගෙන ඔවුන අවශ්‍ය පරිදි නිරෝධායනය කිරීමට නියමිතය .
ආසාදිත ආරක්ෂක නිලධාරියා ඊයේ( 27 ) රාත්‍රියේම රෝහල්ගත කිරීමට පියවර ගෙන ඔහුගේ සමීපතමයන් නිරෝධායන කිරීමට සෞඛ්‍ය බලධාරීහු පියවර ගත්හ