(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
සේවා මාරුවක් ලද දිවුලපිටිය කුඩගම්මන මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනිය ඊට අනුව කටයුතු නොකර අද(9) එම පාසලට නැවත පැමිණීම හේතුවෙන් එහි උණුසුම් තත්වයක් ඇති විය.
නියෝජ්‍ය විදුහල්පතිනිය විදුහල්පතිනිය ඇතුලූ ගුරුවරුන්ගේ පාසල් පරිපාලනයට බාධා කරමින් තම දරුවන්ට ඉගැන්වීම් නොකර ඇයගේ පෞද්ගලික කටයුතුවල යෙදෙන බවටත් චෝදනා කරමින් පසුගිය 7 හා 8 දිනවල දෙමාපියන් දරුවන්ද සමග විරෝධතාවයක යෙදුණහ. ඒ අනුව, බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ අනුමැතිව යටතේ මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඒ. වජිර රණරාජා පෙරේරා මහතා විසින් ඊයේ( 8) සිට වහා කි‍්‍රයාත්මක වන පරිදි ඇයව දිවුලපිටිය කොට්ඨාස කාර්යාලය වෙත තාවකාලිකව අනුයුක්ත කරනු ලැබ තිබිණි.
එසේ තිබියදී ඇය අද පාසලට පැමිණ එහි සේවය කිරීමට උත්සාහ ගැනීම හේතුවෙන් මව්පියවරු සහ ගුරුවරු ඊට විරෝධය පළ කළහ. ඇය අදාළ මාරුවීම අනුව කටයුතු නොකරන්නේ නම් තම දරුවන් පාසලෙන් ඉවත් කර ගන්නා බව දෙමාපියෝ ප‍්‍රකාශ කළහ. දිවුලපිටිය පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක යූ.පී.එස් පි‍්‍රයන්ත මහතා ඇතුලූ පොලිස් පිරිසක් පැමිණ නියෝජ්‍ය විදුහල්පතිනියට මාරුවීම අනුව කටයුතු කරන ලෙස දැනුම් දුන්නේය.
තාවකාලිකව මාරුවීම් කළ ලිපිය ලබා ගැනීමද ප‍්‍රතික්ෂේප කළ නියෝජ්‍ය විදුහල්පතිනිය පසුව මේ ගැන පොලිසියේ පැමිණිල්ලක් කර පිටව යාමට එකග වූවාය.
මේ තත්තවය හේතුවෙන් පැයකටත් වැඩි වේලාවක් පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සම්පූර්ණයෙන්ම අඩාලව පැවැතිණි. නියෝජ්‍ය විදුහල්පතිනිය පිටව යාමෙන් පසු රැස්ව සිටි මව්පියවරුද විසිර ගියහ.




