( ප්‍රසාද් රුක්මල් )
මිතුරන් පිරිසක් සමඟ මකල්දෙණිය ගගේ දියනෑමට ගිය 16 හැවිරිදි සිසුවෙකු දියේ ගිලී මියගොස් ඇතැයි කොස්ලන්ද පොලිසිය පවසයි.
කොස්ලන්ද ගනේශා විදුහල අසල පදිංචිව සිටි ගනේශා විදුහලේ 11 වසරේ ඉගෙනුම ලැබූ සෙල්වප්‍රකාශන් අකිලේෂ්වරන් (16) නැමති අය මෙසේ මියගොස් ඇති බවද පොලිසිය කීය .
මොහු මිතුරන් තිදෙනකු සමඟ කොස්ලන්ද මකල්දෙණිය ගගේ දියනෑමට ගොස් ඇති බවත් ,එසේ ගගට බැස දියනාමින් සිටියදී මොහු දියේ ගිලී ඇතැයි පොලිසිය සදහන් කළේය .
පසුව ගම්වාසීන් පොලිසිය එක් වී මොහු ගොඩට ගෙන කොස්ලන්ද රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සදහා දියතලාව රෝහලට මාරු කර යැවීමෙන් අනතුරුව මියගොස් ඇති බවත් පොලිසිය පැවසීය