(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බත්තරමුල්ල දියවන්නා ඔයේදී ඔරුවක් සහ ආරක්ෂක අංශයට අයත් බෝට්ටුවක් එකිනෙක ගැටීමෙන් ඔරුවේ ගමන් ගත් පුද්ගලයෙක් දියඹට වැටී අතුරුදන් වී ඇතැයි වැලිකඩ පොලීසිය කියයි.
පමණ මෙම අනතුර වී ඇත. මෙලෙස අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 26ක පුද්ගලයෙකි.
අතුරුදන් පුද්ගලයා තවත් පුද්ගලයෙක් සමඟ මාළු ඇල්ලීම සඳහා ඔරුවකින් යමින් සිටියදී පොල්දූව පාලම යටදී මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.
අතුරුදහන් වු තරුණයා සොයා පොලිස් නාවික කොට්ඨාසය මෙහෙයුමක් අරඹා ඇත.