(ඩී.කේ.රත්න)
දියනෑමට යාමේදී සෙවනගල කොවුල්ආර උතුර කටුපිල වැවේ දියේ ගිලී අතුරුදන්ව සිටි තරුණයාගේ මළ සිරුර අද (17) ගොඩගෙන ඇතැයි සෙවනගල පොලීසිය පවසයි.
විනෝද සංචාරයක නිරත වෙමින් සිටි කුලියාපිටිය මඩකුඹුරමුල්ල පදිංචි ඩබ්.එම්.මධුශංක වීරසිංහ නැමති 28 හැවිරිදි තරුණයකු මෙසේ දියේ ගිලී මිය ගොස් ඇත.
මෙම තරුණයා දියනෑමට යාමේදී පිහිනීමට නොහැකිව වැවේ ගැඹුරට ගොස් වැව පතුලේ සිරවී තිබියදී සොයා ගත් බව සෙවනගල පොලීසිය පවසයි.

