දිඹුලාගල රක්ෂිතයක අලියකුගේ සිරුරක්


(නිමල් ජයරත්න 
 
දිඹුලාගල බිම්පොකුණ වෙල්යායට නුදුරින් කුඩා රක්ෂිතයක මියගිය වන අලියෙකුගේ සිරුරක් අද(30) හමු වූ බව ගොවීහු පවසති.
 
අලියාගේ මුඛ ප‍්‍රදේශයේ වෙඩිල්ලක සලකුණක් සහ තුවාලයක් දක්නට තිබෙන බවද ඔවුහු කියති.
 
මෙම වන අලියා මීට දින හතරකට සිට බිම්පොකුණ වැවේ සහ ප‍්‍රදේශයේ සැරිසරමින් සිටි බවත් ඔවුහු කියති.
 
අප මේ පිළිබඳව වෙහෙරගල වනජීවි නිලධාරි කාර්යාලයෙන් කළ විමසීමකදි එහි උසස් නිලධාරියෙකු පැවසුවේ එම අලියාට වනජීවි දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරයෙකු පැමිණ දින කිහිපයකට පෙරදි ප‍්‍රතිකාර කළ බවත්, අලියා මියගොස් ඇත්තේ හක්කපටස් ද්‍රව්‍ය ආහාරයට ගැනීමෙන් බවට සැක කරන බවත්ය.
 
අලියාට වෙඩි වැදී ඇද්ද යන්න සොයා බලන බවත් ඒ සඳහා පරීක්ෂණ ආරම්භ කිරීමට නියමිත බවද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

(ඡායාරූප -  ජේ. ඒ. ජයකොඩි)

(ඡායාරූප - නිමල් ජයරත්න)