දික්ඔය රෝහල් කාර්ය මණ්ඩලයට අත්‍යාවශ්‍ය ආහාර


රංජිත් රාජපක්ෂ                       

කොවිඩ් 19 වයිරසය පැතිර යාමේ අවදානමත් සමග දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණඩලයට සහනදායි මිලට රෝහල තුලදිම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දිමේ වැඩපිලිවෙලක් සිමා සහිත හැටන් දික්ඔය විවිධ සේවා සමුපකාර සමිතිය මගින් අද ආරම්භ කර ඇත.
 
දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය 500 කට ආසන්න පිරිසක් සේවය කරයි.

එම රෝහලේ වෛද්‍යවරුනට සහ කාර්ය මණ්ඩලයට පවතින ඇදිරි නිතිය ලිහිල් කරන අවස්ථාවේ ඔවුන්ගේ රාජකාරි ස්වාභාවය අනුව ඔවුන් සියලු දෙනාට  එක්වර නගරයට පැමිණීමට නොහැකි නිසා නුවරඑළිය දිස්ත්‍රීක් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා සිමා සහිත හැටන් දික්ඔය සමුපකාර සමිතියේ සභාපති සරත් වික්‍රමසිංහ මහතාගෙන් කරන ලද  ඉල්ලිමක් මත සිමා මෙම වැඩපිලිවෙල සිමා සහිත හැටන් දික්ඔය විවිධ සේවා  සමුපකාර සමිතිය විසින් ක්‍රියාවට නංවා ඇත.