(ලලිත් නවරත්න)
හලාවත, කරවිටාගාර පදිංචි පුද්ගලයෙකු සිය දෙවැනි බිරිදගේ දියණියත් ඇගේ යෙහෙළියත් බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක් කළැයි සැකපිට අද(14) අත්අඩංගුවට ගත් බව හලාවත පොලීසිය පවසයි.
අපයෝජනයට ලක් වු දරුවන් දෙදෙනාම දොළොස් හැවිරිදි වියෙහි පසුවන පාසල් සිසුවියන්ය.
සැකකරු 33 හැවිරිදි පුද්ගලයෙකි. එම ප්‍රදේශයේ කළ මිනිමැරුමක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව හලාවත පොලීසිය පවරා ඇති නඩුවක්ද අධිකරණයේ විභාග වෙමින් පවතින බව පොලීසිය පවසයි.
සැකකරුට කලින් විවාහයේද දරුවන් සිටින බව පොලිස් විමර්ෂන වලදී තහවුරු වී ඇතැයිද පොලීසිය කියයි.
මේ වන විට දැරියන් දෙදෙනා වෛද්‍ය පරීක්ෂණයක් සදහා හලාවත රෝහලේ අධිකරණ වෛද්‍ය වරයා වෙත ඉදිරිපත් කර ඇති අතර සැකකකරු අධිකරණයට
ඉදිරිපත් කිමට නියමිතය.