දැරියක අපයෝජනය කළැයි තිදෙනෙක් අත්අඩංගුවට


(ඩී. ජී. සුගතපා
 
මුහුණු පොත හරහා හඳුනාගත් 15 හැවිරිදි සිසුවියක අපයෝජනය කළැයි කියන දකුණු පළාතේ සැකකරුවෙකු හා එයට අනුබල දුන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
 
මෙම සිසුවිය මාස කිහිපයකට පෙර මුහුණු පොත හරහා හඳුනාගත් දකුණු පළාතේ පදිංචි සැකකරු ඇය හමුවීමට අවශ්‍ය බව පවසා එක්තරා ප්‍රදේශයකට එන ලෙස පවසා ඇත.‍
 
එහිදී සැකකරු මිතුරෙකුගේ ලොරියකින් තවත් මිතුරෙකුගේ නිවසට ඇය කැඳවාගෙන ගොස් ඇය අපයෝජනය කර ඇතැයි හෙළි වූ බව පොලිසිය කියයි.