දැරියක අපයෝජනය කළ අයෙකු අත්අඩංගුවට


(අශෝක තිලකරත්න)
 
15 හැවිරිදි දැරියක් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් දෙවිනුවර ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි තරුණයෙකු   අත්අඩංගුවට ගත් බව ගන්දර    පොලිසිය පවසයි.
 
අත්අඩංගුවට පත්  මෙම සැකකරු අද (06) පෙරවරුවේ මාතර  මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම සිද්ධියට අදාල බාලවයස්කාර දැරිය වෛද්‍ය පරික්ෂණයක් සඳහා යොමු කර ඇත.
 
ගන්දර පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වයි.