(දයාරත්න ඇඹෝගම)
නව හැවිරිදි බාල වයස්කාර දැරියක් අවස්ථා කිහිපයකදිම අප යෝජනය කළ බව කියන දැරියගේ පියාගේ හොදම මිතුරා අද (29)දින නැගම්පහ ප්‍රදේශයේ නිවසකදි අත් අඩංගුවට ගත්බව ගල්නැව පොලිසිය කියයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ නැගම්පහ, පදිංචි 36 හැවිරිදි විවාහක පුද්ගලයෙකි. වින්දිත දැරියත් සැකකරුත් එකම ප්‍රදේශයේ පදිංචි කරුවන් බව පොලිසිය කියයි.
දැරියගේ දෙමාපියන් නිවසේ නැති අවස්ථාවලදි සැකකරු දැරියගේ නිවසට ගොස් ඇයගේ සොයුරාට ඔහුගේ දුරකතනය ලබාදි නිවසින් පිටතට යවා දැරිය අපයෝජනය කර ඇති බව පොලිසිය විසින් කළ මුලික විමර්ෂණයේදි අනාවරණයවි තිබේ.
මේ ආකාරයට දැරියගේ දෙමාපියන් නොමැති අවස්ථාවලදි පහළොස් වතාවක් පමණ සැකකරු විසින් දැරිය අපයෝජනය කර ඇතැයි තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය සදහන් කළේය.
ළමා ආරක්ෂක අධිකාරිය මගින් ලද පැමිණිල්ලක් මත් සැකකරු මෙලෙස අත් අඩංගුවට ගෙන තිබිණි. අත් අඩංගුවට ගනු ලැබු සැකකරු අද (29) අධිකරණයට ඉදිරපත් කිරිමට නියමිත විය. සිද්ධිය සම්බන්ධයෙන් ගල්නෑව පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වති.

