දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 4 ක් විවෘත කෙරේ


 
( රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ )

පවතින වැසි තත්වය හේතුවෙන් දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 04 ක් අද (19) අලුයම අඩි දෙක බැගින් විවෘත කල බව ජලාශය බාර ඉන්ජිනේරු සම්පත් සමරජීව මහතා පැවසීය.

ඊයේ රාත්‍රියේ ජලාශය වාන් මට්ටමට පැමිණි අතර මේ වනවිට එහි ජල මට්ටම මීටර් 70.8 ක් ලෙස දැක්වෙයි.

ජලාශයේ වාන් දොරටු අටෙන් හතරක් විවෘත කිරීම හේතුවෙන් තත්පරයට ඝන අඩි 7000 ක ජල ධාරිතාවක් දැදුරුඔයට මුදාහැරෙන බවත් මේ හේතුවෙන් කිසිසේත්ම පහල ප්‍රදේශවලට ගංවතුර තත්වයක් ඇති නොවන බවද ඉන්ජිනේරුවරයා කීය.

ඉදිරියේ දී ලැබෙන වර්ෂා තත්වය අනුව සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය. දැදුරුඔය ජලාශයේ සම්පූර්ණ ජල ධාරිතාවය අක්කර අඩි හැට දහසකි. ජලාශයෙන් ගොඩ සහ මඩ වගාබිම් අක්කර 6000 කට ජලය සැපයේ