(පද්මා කුමාරී කංකානම්ගේ )
දැඩි නීතී සහ කොන්දේසි යටතේ කල්පිටි ධීවරයින්ට අද (26) දින සිට මුහුදු යෑමේ අනුමැතිය පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂ සරත් චන්ද්‍ර නායක මහතා විසින් ලබාදෙන ලදී.
කල්පිටිය ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලයේ දී පැවති ධීවර ප්‍රජා නායක හමුවකදී අද (26 ) එම අවසරය ලබා දුන්නේය.
වෙනත් රටවල සිට පැමිණෙන ලාංකිකයින් මුහුදු මගින් මෙරටට ඇතුලුවීමේ සූදානමක් පිළිබදව තොරතුරු ලැබී ඇති බවත්,එවැන්නන් ප්‍රවාහනය කිරීම සපුරා තහනම්වන අතර එවැණි ක්‍රියාකාරකමක් පිළිබදව හෝඩුවාවක් ලද හොත්,කල්පිටිය විජය නාවුක හමුදා කදවුර දැනුවත් කරන ලෙස ද ධීවරයින්ගෙන් ඉල්ලීමක් කළේය.
කල්පිටිය විජය නාවුක නෞකාවේ අණදෙන නිළධාරී පී.සී.එම්.ඒ.ටී.පෙරේරා ධීවර ප්‍රජා නියෝජ්තයින් වෙත පහත කොන්දේසි පනවන ලදී.
පිටත සවි කරණ ධාරිතා එන්ජිම් සහිත කුඩා බෝට්ටු සහ පාරම්පරික ධීවර යාත්‍රාවන්ට පමණක් මෙම ධීවර මෙහෙයු අවසරය හිමි වේ.
එක් යාත්‍රාවක ධීවරයින් දෙදෙනෙකු පමණක් ගමන් ගනිමින් මෙහෙයුම් වල නිරත විය යුතුය.තමන් භාවිතා කරණ පන්න ක්‍රමයට ගැලපෙන පරිදී දිවා රාත්‍රී ධීවර මෙහෙයුම්වල නිරත විය හැකිය.
ධිවර මෙහෙයුම් වල නිරතව සිටියදී,තමන් පදිංචි දිස්ත්‍රික්කයෙන් පිටත වෙනත් දිස්ත්‍රික්ක කරා එහා මෙහා සංචරණය විය නොහැක.අසනීප තත්ත්වයෙන් යුතු කිසිවෙකු මුහුදට නොයා යුතුය.
මෙම කොන්දේසී කඩ කරන ධීවරයින්ගේ ධීවර බළපත් තහනම් කිරීමට සිදු වන බැව් ද ඒ මහතා පැවසීය.
කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයතුළ පිටත සවිකරන ධාරිතා එන්ජිම් සහිත කුඩා යාත්‍රා 1500 ක් ද පාරම්පරික ධීවර යාත්‍රා (වල්ලම්,තෙප්පම් සහ ඔරු )650 ක් පමණ ද වේ.
මෙම හමුව කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ දී පැවති අතර කල්පිටිය ප්‍රා දේශීය ලේකම් නන්දන සෝම තිලක,ඇතුලු රජයේ නිළධාරීන් රැසක්ම සහභාගී වූහ.