(සමන් විජය බණ්ඩාර)
මහනුවර ශ්‍රී දළදා පෙරහරේ දළදා කරඬුව වැඩම කරවීමට යන නැඳුන්ගමුව රාජා ඇතා අද කෑගල්ල නගරය පසුකළේය. පසුගිය 14 වැනි දාට යෙදුණු සුභ මොහොතින් මහනුවර බලා ගමන් ආරම්භ කළ රාජා අද රාත්‍රීය මාවනැල්ල මාවෙල රජමහා විහාරයේ ගත කරයි. නැවත හෙට මහනුවර බලා ගමන් ආරම්භ කිරීමට නියමිය.
අඛණ්ඩව වසර 11ක් මාලිගාවේ පෙරහර කරඬුව වැඩම කරවූ නැඳුන්ගමුවේ රාජා ඇතාට පසුගිය වසරේ ඇති වී අසනීප තත්ත්වයක් හේතුවෙන් පෙරහරට සහභාගී වීමට නොහැකි විය.
මහනුවර බලා යන රාජ දැකබලාගැනීමට දේශිකයන් මෙන්ම විදේශිකයෝ ද මඟ දෙපර රැසී සිටියහ