දරුවාත් - සැමියාත් ඉදිරිපිට කාන්තාවකට පිහියෙන් ඇන ඝාතනය කරයි


(දයාරත්න ඇඹෝගම)
 
සිය දරුවා සහ සැමියා සමග අද (26) හොරොව්පොතාන මුල්‍ය ආයතනයකට පැමිණි 33 හැවිරිදි කාන්තාවකට 22 හැවිරිදි තරුණයෙකු පිහියකින් ඇන ඝාතනය කොට ඇතැයි හොරොව්පොතාන පොලිසිය කියයි

මෙසේ ඝාතනය කොට ඇත්තේ හොරොව්පොතාන, ලේවාසපිරිවැව පදිංචිව සිටි ධම්මිකා ප්‍රියදර්ශණි (33) නැමති කාන්තාවකි.

මෙම කාන්තාව සිය සැමියා හා දරුවා සමග හොරොව්පොතාන නගරයේ පිහිටි මුල්‍ය ආයතනයකට පැමිණ සිටි අවස්ථාවේදි එම ආයතනයට ඇතුලු වූ තරුණයෙකු පිහියකින් ඇන පලාගිය බව පොලිසිය කියයි

මෙහිදී පොලිසිය මැදිහත්වී සැකකරු හොරොව්පොතාන නගරය ආසන්නයේදීම අත්අඩංගුවට ගෙන තිබිණි.

පිහි ඇනුමෙන් බරපතල තුවාල ලැබු කාන්තාව හොරොව්පොතාන රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව එහිදී මියගිය බව පොලිසිය පැවසීය.

අනියම් සබදතාවයක් මුල්කර ගනිමින් මෙම ඝාතනය සිදුකර ඇතිබවට පොලිසිය විසින් සිදුකළ මුලික විමර්ශණයේදී අනාවරණයවී තිබේ.

විසි දෙහැවිරිදි මෙම සැකකාර තරුණයා හොරොව්පොතාන පොලිස් වසමේ කුඹුක්ගොල්ලෑව, වැලිමුවපොතාන පදිංචිකරුවෙකි.

ඔහු අද (26) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් හොරොව්පොතාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ලක්මාල් විජේරත්න මහතා ඇතුළු පොලිස් නිලධාරින් පිරිසක් වැඩිදුර පරික්ෂණ පවත්වති.