දමාම් ක්‍රිකට් තරගෙන් කෝල්ස් දිනයි


සෞදි අරාබියේ  දමාම් අයි ඩී ජී සී  අභියෝග කුසලාන මහා ක්‍රිකට් තරගාවලිය පසුගිය 13 වැනි සිකුරාදා දමාම් සෆාරී ක්‍රීඩාංගනයේදී අවසන් විය .

අවසන් පුර්ව අවසන්  වටය සදහා තේරුණූ කණ්ඩායම් හතරෙන් ශ්‍රී ලංකා කෝල්ස් ශ්‍රී ලංකා සෞදි ඩීසල් කණ්ඩායම්  තරග වැදුනි.කාසියේ  වාසිය හිමිකරගත් ශ්‍රී ලංකා කෝල්ස් කණ්ඩායම් අවසන් තරගෙට සුදුසුකම් ලැබීය.

සෞදි ඩීසල් ඕවර් 8 ක් තුලදී කඩොලු 4 කදී දැවී ලකුණු 101 ක් ලබාගන්නා ලද අතර මෙම කඩොලු  101 ක් රැස් කළේය.

තම්සිගේ 6 පහරවල් 6 අගනා සේවයක් ඉටු කළේය . ශ්‍රී ලංකා කෝල්ස් තරගයට පිවිසෙමින් ඕවර් 8ට කඩුළු දෙකක් දැවී මොහොමඩ් රම්සාන්ගේ අගනා 6 පහරවල් 7 ක් සමග ලකුණු 106 ලබා ගනිමින් ජයග්‍රාහි කණ්ඩායම බවට පත්විය.

තරගාවලියේ වීරයා ලෙස මොහොමඩ් රාමසාන් තේරුණ අතර අනුශුරතාවය සෞදි ඩීසල් හිමිකර ගත්තේය. 

ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුව පවතී මිතුරු හමුව නම් වූ විනෝදාත්මක ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන යටතේ විවිධ තරග ඉසව් කීපයක්ම පවතී අතර ජයග්‍රහණය කරන ලද සියලු දෙනා සදහා ත්‍යාග සහ වටිනා සහතික පත් ප්‍රදානය කිරීම ආරාධිත් අමුත්තන් විසින් සිදුකැරිණි.