( පුෂ්පකුමාර මල්ලවආරච්චි)
ගම්පහ හා කොළඹ පෙදෙස්වල හෝටල්වලට දඩ මස් බෙදාහැරීමේ ජාවාරමක නිරතව සිටි පුද්ගලයන් දෙදෙනකු වල් ඌරු මස් කිලෝ විසි දෙකක් ත්‍රිරෝද රියකින් රැගෙන යමින් සිටියදී දඩුගම්ඔය පාලම අසලදී අත්අඩංගුවට ගත් බව මුතුරාජවෙල වනජීවි අඩවි ආරක්ෂක කාර්යාලය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කුරුණෑගල බෝයගනේ හා කැලණිය පදිංචිකරුවන දෙදෙනෙකි.
සැකකරුවන් කිරිබත්ගොඩ ප්‍ර දේශයේ සිට මීගමුව පමුණුවේ හෝටලයකට බාරදීමට මෙම මස් තොගය රැගෙන යමින් සිටි බව අනාවරණය වී ඇතැයි වනජීවි කාර්යාලය කියයි.
ඔවුනට මස් තොගය ලැබුනු ආකාරය හෙලි කර ගැනීමට පරීක්ෂණ පැවැත්වේ.
සැකකරුවන් අද( 9 )අධිකරණයටඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.