(ජේ.කේ.එල් චාමින්ද)
ඇදිරි නිතිය ඉවත්කිරිමෙන් පසු දකුණු පළාතේ පිහිටි කර්මාන්තපුර තුනකට අයත් කර්මාන්ත ශාලා 17ක් මේ වනවිට විවෘත කර ඇති බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යශයේ දකුණ ප්‍රාදේශිය අධ්‍යක්ෂක සමිර වික්‍රමසිංහ මහතා පවසයි.
මාතර උඩුකාවේ කර්මාන්තශාල තුනම විවෘත කර ඇති බව පවසන ප්‍රාදේශිය අධ්‍යක්ෂකවරයා කරන්දෙණිය කර්මාන්තපුරයේ හි පිහිටි කර්මාන්ත ශාලා 12න් 09ක් විවෘත කර ඇති බවද පවසයි.
බටඅත කර්මාන්ත පුරයේ පිහිටි කර්මාන්තශාලා 08න් 05ක් මේ වනවිට විවෘතකර ඇති බවද කර්මාන්ත ප්‍රාදේශිය අධ්‍යක්ෂකවරයා සදහන් කළේය.
මෙකි කර්මාන්තපුරවල ඇගලුම් කුළුබඩු හා බැටරි ආදි නිෂ්පාදන කර්මාන්ත ඇති බව පෙන්වාදෙන ප්‍රාදේශිය කර්මාන්ත අධ්‍යක්ෂකවරයා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම වලට අනුව සිමිත සේවක සංඛ්‍යාවක් ගෙන්වාගෙන මෙකි කර්මාන්ත ශාලා විවෘතකර ඇති බවද කර්මාන්ත ප්‍රාදේශිය අධ්‍යක්ෂකවරයා සදහන් කළේය.
දකුණු පළාතේ කර්මාන්ත 17ක් විවෘතයි
Recommended Articles