(ජේ.කේ.එල්. චාමින්ද)
දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලිගමගේ මහතා අද (23) අහංගම සිට අම්බලන්ගොඩ දක්වා සියලුම සතොස වෙළදසැල්වලට ගොස් අතවශ්‍ය භාණ්ඩ තිබේද යන්න පිළිබද නිරීක්ෂණය කළේය.
අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරන ජනතාවට බෙදා දෙන ලෙස ඔහු බලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.
රත්ගම නගරයේ පිහිටි සමුපාකාර ගබඩාවද ආණ්ඩුකාරවරයාගේ නිරීක්ෂණයට ලක්විය. සමුපාකාර සදහා භාණ්ඩ වැඩි වශයෙන් බෙදාදෙන ලෙසද ආණ්ඩුකාරවරයා බලධාරීන්ට දන්වා සිටියේය.
සතොස ශාඛාවල භාණ්ඩ මිලදී ගැනීම සඳහා පාරිභෝගිකයින් විශාල පිරිසක් පැමිණ සිටියහ.




